Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොව විශාලම ස්වාභාවික ගෑස් නිධියට ගුවන් ප්‍රහාර මාලාවක්! දැවැන්ත හානියක්!

8 months ago

පර්සියානු බොක්කෙහි පිහිටි ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන ‘South Pars/North Dome’ සංකීර්ණයේ ඉරානයට අයත් ‘South Pars’ ප්‍රදේශයට දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ පුවත් සේවා වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරයත් සමඟ අදාළ ගෑස් නිෂ්පාදන කලාපය තුළ දැවැන්ත ගින්නක් හටගෙන ඇත.

පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර, එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබයි.

සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර, ඉන් South Pars අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත්ය.

කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා සිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.

කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් හිමිකරගන්නේ මෙම ගෑස් ප්‍රභවයෙන් වන අතර, මෙම වසර මුලදී පමණක් ඔවුන් මෙම ප්‍රදේශයෙන් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර ඇත.

එමෙන්ම ඉරානයද දෛනිකව ඝන අඩි බිලියන 2ක ගෑස් නිපදවා තිබේ.