Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්

8 months ago

ඉරාන පාලන බලය සම්පූර්ණයෙන්ම අඩපණ කිරීම සඳහා දැනට දියත් කර ඇති හමුදා මෙහෙයුම් තවදුරටත් දැඩි කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරාන රාජ්‍යයේ ඉතිරිව ඇති බලකඳවුරු ද විනාශ කර දැමිය යුතු බවට ඔහු දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සම්පත ලබාගන්නා නමුත්, ඉරානයට එරෙහි සටනේදී අමෙරිකාවට නිසි සහයෝගයක් ලබා නොදෙන මිත්‍ර රටවල් ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

විශේෂයෙන්ම මාර්තු 1 වැනිදා සිට ඉරානය විසින් වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ වගකීම අමෙරිකාවේ මිත්‍ර රටවල් මෙන්ම චීනය ද භාරගත යුතු බව ඔහු අවධාරණය කළේය.