Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞදි අරාබි‍යත් යුද්ධයට සම්බන්ධවීමට සැරසෙයි

8 months ago

ඉරානයේ සවුත් පාර්ස් ගෑස් නිධිය ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් කටාර් රාජ්‍යයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන සවුත් පරාස් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීය.

ඉන් එම ගෑස් නිධිය ආසන්න ප්‍රදේශයේ විශාල ගිනි ගැනීමක් සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ මැද පෙරදිග රටවලට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවය.

පවතින යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ප්‍රධාන ගෑස් පහසුකම් මධ්‍යස්ථානයක මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇත. 

මේ අතර සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු පවසයි.

රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බවත්, මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවත්ය.