ලොව විශාලතම ස්වාභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් (South Pars) බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
ආසියානු වෙළඳපොළ තුළ බොරතෙල් මිල 4% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් මිලද 3% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 99.27 ක් ලෙස සටහන් විය.
මේ අතර, බලශක්ති අර්බුදය හමුවේ අද (19) උදෑසන ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් මෙලෙස පහත වැටී තිබුණි.
දකුණු කොරියාව (Kospi): 3% කින් පහළට.
ජපානය (Nikkei 225): 2.8% කින් පහළට.
ඔස්ට්‍රේලියාව (ASX 200): 1.6% කින් පහළට.
