ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිටින ලෝකය හෙල්ලීමට සමත් අති දක්ෂ ක්‍රීඩකයින් රැසක් පද්ධතියෙන් ගිලිහී යාම සම්බන්ධයෙන් හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ෆේස්බුක් පිටුව හරහා සටහනක් තබමින් ප්‍රබල ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබේ.
සම්පූර්ණ සටහන පහතින්,
– උපුටා ගැනීම –
හොඳම දක්ෂයන් අහිමි වන්නේ මේ නිසාද?
ඔහුන් වෙනත් රැකියා සඳහා යන නිසාද ?
ලෝකය හොල්ලන්න පුළුවන් ක්‍රීඩකයන් අහිමිවීගෙන යාමට තවත් ලොකුම හේතුවක් වන්නේ O/L විභාගය අසමත්වීමද? මොකද ඒ නිසා ඔවූන්ගේ අවුරුදු 18/19 පාසල් ක්‍රිකට් නැති වීමද?
application එවපු 3,500 අතරේද එම ඉරනමට ලක්වෙච්ච බොහෝ පිරිසක් මට හමුවුණා. එම නිසා අපට අති දක්ෂ ක්‍රීඩකයන් පිරිසක් අහිමි වෙලා ගිහිල්ලා ඇති සහ අහිමි වී යමින් පවතිද?
ඔබගේ අදහස සහ ඔබට හමුවූ එවැනි ක්‍රීඩකයන් ගැන සඳහන් කරන්න. නගරය සහ පාසලද සමග ස්තූතියි…
ඉක්මන් විසඳුමක් සොයාගත යුතුයි…
– උපුටා ගැනීම අවසන් –
