Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමූස් හරහා ගමන්කරන නැව්වලට බද්දක්?

8 months ago

ලොව බලශක්ති සැපයුමේ තීරණාත්මක මධ්‍යස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් ගන්නා නෞකාවලින් ගාස්තු සහ බදු අය කිරීමේ විශේෂ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව තුළ මේ වන විට සාකච්ඡා වෙමින් පවතින බව ISNA පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මෙම නව යෝජනාව සම්මත වීමෙන් අනතුරුව, එම මුහුදු සීමාව හරහා ගමන් කරන සියලුම නෞකා ඉරාන රජය වෙත නියමිත ගාස්තු සහ අදාළ බදු ගෙවිය යුතුය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහතික කිරීම සහ ඉරානයේ ජාතික ආරක්ෂා උදෙස් මෙම තීරණය ගැනීමට සැරසෙන බව ISNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

අපේ සතුරන් ඔවුන්ට ලබාදී තිබූ වරප්‍රසාද අහිමි කරගෙන ඇති බවත්, ඔවුන්ට දැන් මෙම යථාර්ථය මුහුණදීමට සිදුවන බවත් ඉරාන පාර්ලිමේන්තු නියෝජිත සොමායේ රෆීයි පවසයි.

“දෙවියන් කැමති නම්, මෙම සටන ඉරානයේ තීරණාත්මක හා නිශ්චිත ජයග්‍රහණයකින් අවසන් වනු ඇත. ඉන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අපේ සතුරන්ට දිගින් දිගටම අභියෝග එල්ල කරනවා” ඇය තවදුරටත් පැවසීය.