මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක බලශක්ති මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා, ඉරාන තෙල් අපනයනයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට අමෙරිකානු රජය සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent) විසින් මෙම තීරණාත්මක යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඔහුගේ අදහස වී ඇත්තේ ඉරානයට පනවා ඇති විකුණුම් සීමා ලිහිල් කිරීම හරහා ගෝලීය ගැනුම්කරුවන්ට වැඩි තෙල් ප්‍රමාණයක් වෙළඳපොළෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවයි.
මෙම පියවර ක්‍රියාත්මක වුවහොත් දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර ඇත.
