Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාස් ලෆාන් වෙත එල්ලවූ ප්‍රහාරයෙන් කටාර් ආර්ථිකයට දැඩි බලපෑම්

8 months ago

ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) බලශක්ති මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එරට ආර්ථිකයට සහ ගෝලීය බලශක්ති සැපයුමට අතිශය බරපතළ බලපෑමක් එල්ල වනු ඇති බව කටාර් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් ඉදිරි වසර 5 තුළ කටාර්හි ස්වභාවික වායු (LNG) අපනයන ධාරිතාව 17% කින් පමණ අඩුවනු ඇති බවයි.

මේ හරහා කටාර් රාජ්‍යයට වසරකට අහිමි වන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 20ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

පර්සියානු බොක්කේ උතුරු ප්‍රදේශයේ පිහිටි ඉරානයට අයත් ‘සවුත් පාර්ස්’ (South Pars) ගෑස් නිදියට පසුගිය බදාදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කරන ලදී.

සිංගප්පූරුවේ ඉන්ධන සැපයුම් ආයතනයක් වන හයිසයිට්ස් (Haisights) හි නිලධාරියෙකු ලෆාන්ට සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් පවසා ඇත්තේ “අවුරුදු පහක් යනු අලුත්වැඩියාවක් නොවේ,” එය සම්පූර්ණ නැවත ගොඩනැගීමක්” යනුවෙන්ය.

ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව සහ චීනය වැනි ආසියානු රටවල් මෙන්ම ඉතාලිය සහ බෙල්ජියම යන යුරෝපානු රටවල් කටාර් රාජ්‍යයේ විශාලම ගෑස් ගනුදෙනුකරුවන්ය.