Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ද. කොරියාවේ මෝටර් රථ අමතර කොටස් කම්හලක ගින්නක්

8 months ago

දකුණු කොරියාවේ ඩේජියොන් නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනය කරන කම්හලක අද (20) හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 55 දෙනෙකු තුවාල ලබා තිබේ.

සෝල් අගනුවර සිට කිලෝමීටර් 160ක් පමණ දුරින් පිහිටි මෙම කම්හලේ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට ගිනිනිවන අංශ පවසයි.

තුවාල ලැබූවන්ගෙන් 24 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තා සඳහන් කරයි.