Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

8 months ago

ජාත්‍යන්තරයේ බලවත් ඉල්ලීම් නොතකා කුවේට් රජයට අයත් ‘මිනා අල්-අහමදී’ තෙල් පිරිපහදුවට ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව එරට තෙල් සංස්ථාව තහවුරු කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් පිරිපහදුවේ ඒකක කිහිපයක දරුණු ගින්නක් හටගෙන ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස එහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

ඊශ්‍රායලය විසින් ඉරානයේ ගෑස් මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඉරානය මෙලෙස ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් වෙත තම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.