Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාව අඩියක් පස්සට ගනී! ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක ඉවතට!

8 months ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, ඉරාන තෙල් සඳහා පනවා තිබූ දැඩි සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් පවසා සිටියේ, දැනට නැව්ගත කර ඇති ඉරාන තෙල් සඳහා සම්බාධක දින 30ක් සඳහා තාවකාලිකව ඉවත් කරන බවය.

ඒ අනුව ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත්කිරීමත් සමග දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහත වැටෙනු ඇති බවට අමෙරිකාව ඇස්තමේන්තු කර ඇත.

අමෙරිකාව පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමටත් කටයුතු කළේය.