Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතීෂ පතිරණට IPL මූලික තරග අහිමි වන ලකුණු

8 months ago

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ඉන්දීය රුපියල් කෝටි 18කට කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට තරගාවලියේ මුල් තරග කිහිපය අහිමි වන බව වාර්තා වේ.

පසුගියදා අවසන් වූ විස්සයි20 ලෝක කුසලානය අතරතුර මතීෂ ලක් වූ ආබාධය මෙතෙක් සුව නොවීම මීට හේතුවයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අභිෂේක් නායර් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මතීෂ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ආබාධයේ ස්වභාවය අනුව ඔහුට තරගාවලියට එක්විය හැකි දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැත.