පසුගිය සිකුරාදා (20) දිනයේදී පමණක් ඉරානයේ පළාත් 17ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර 640ක් එල්ල වී ඇති බව අමෙරිකාව කේන්ද්‍ර කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සි වාර්තා කරයි.
එම ප්‍රහාරවලින් පමණක් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන නමුත්, එම පිරිස සිවිල් වැසියන් ද නැතහොත් හමුදා සාමාජිකයින් ද යන්න මෙතෙක් වර්ගීකරණය කර නොමැත.
මැදපෙරදිග යුද වාතාවරණය ආරම්භ වී සති තුනක කාලයක් ගතවන විට ඉරානය තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,398ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මියගිය පිරිස අතර දරුවන් 210 දෙනෙකු ද සිටින බව මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. වාර්තාවලට අනුව අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට ඉරාන හමුදා නිලධාරීන් 1,165 දෙනෙකු මියගොස් ඇත.
මීට අමතරව තවත් මරණ 657ක් වාර්තා වී ඇති නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
