හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දුන් පැය 48ක අවසන් නිවේදනයට ඉරානය සිය නිල ප්‍රතිචාරය දක්වා තිබේ.
ඉරාන රජය අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකාව සිය රටේ බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති ඇමෙරිකානු එක්සත් ජනපදයට සම්බන්ධ සියලු බලශක්ති යටිතල පහසුකම් විනාශ කිරීමට තමන් පියවර ගන්නා බවයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කළේ, ඕනෑම ආකාරයක ප්‍රහාරයකට මුහුණ දීමට තමන් සූදානම් බව ඉරානය ප්‍රකාශ කර ඇති බවයි
