ඉරානයට එරෙහිව අමෙරිකාව දියත් කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර වෙමින් පවතින පසුබිමක, බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනයක් වන ‘HMS ඇන්සන්’ (HMS Anson) අරාබි මුහුද වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාර්තු මස 06 වැනිදා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් පිටත්ව ඇති මෙම සබ්මැරීනය මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න උතුරු අරාබි මුහුදේ ස්ථානගත කර ඇති බව විශ්වාස කෙරේ.
කිලෝමීටර් 1,600ක පමණ දුරකට නිශ්චිත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් (Tomahawk) මිසයිල සහ ටෝපිඩෝ වැනි ප්‍රබල අවිවලින් මෙම සබ්මැරීනය සමන්විත වේ.
ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීමට අමෙරිකාවට අවසර ලබා දීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීමෙන් අනතුරුව මෙම සබ්මැරීනය කලාපයට පැමිණීම විශේෂත්වයකි
