Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමූස් හරහා යන සෑම නැවකින්ම දැවැන්ත බද්දක් අය කිරීමට ඉරානයෙන් තීරණයක්

8 months ago

ලෝකයේ කාර්යබහුලම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අය කිරීමට ඉරානය තීරණය කර තිබේ.

ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි (Alaeddin Boroujerdi) අද (22) ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා මෙම තීරණය නිල වශයෙන් දැනුම් දුන් බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් නව පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බවත්, පවතින යුදමය වාතාවරණය සඳහා වන පිරිවැය මෙලෙස අය කරගත යුතු බවත්ය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අධිකාරිය සහ අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජය සතු බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.