Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටාර් හමුදා හෙලිකොප්ටරය කඩා වැටීමෙන් 06ක් මරුට

8 months ago

කටාර් රාජ්‍යයට අයත් මුහුදු තීරයේදී සිදු වූ දරුණු හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ පුද්ගලයින් හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් එක් අයෙකු තවමත් අතුරුදහන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිල ප්‍රකාශයක් නිකුත් කරමින් කටාර් බලධාරීන් සඳහන් කළේ, ක්‍රියාත්මක කළ විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් මගින් මේ වන විට පුද්ගලයින් හයදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවයි. අතුරුදහන් වූ අනෙක් පුද්ගලයා සොයා නාවික සහ ගුවන් හමුදා ඒකාබද්ධව තවදුරටත් දැඩි සෝදිසි මෙහෙයුම් පවත්වමින් සිටී.

ක්‍රියාත්මක කළ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් මගින් ඉන් හයදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර අතුරුදහන් වූ අනෙක් පුද්ගලයා සොයා විශේෂ කණ්ඩායම් විසින් දැඩි සෝදිසි මෙහෙයුම් පවත්වන බව සඳහන්වේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.