Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෝදිගෙන් ඓතිහාසික වාර්තාවක්

8 months ago

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තේරී පත් වූ රජයක ප්‍රධානියා ලෙස වැඩිම දින ගණනාවක් සේවය කරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබෙනවා.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් (Pawan Kumar Chamling) විසින් වන අතර, ඔහු දින 8,930ක් සිය ධුරය හොඹවනු ලැබුවා.

නරේන්ද්‍ර මෝදි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මුළු කාලය අද වන විට දින 8,931ක් දක්වා සම්පූර්ණ වී ඇති අතර, ඒ අනුව ඔහු සිය දේශපාලන නායකත්වයේ 25 වන වසරට පා තබා තිබෙනවා.

2014, 2019 සහ 2024 යන වසරවල පැවති මහ මැතිවරණ තුනක් අඛණ්ඩව ජයග්‍රහණය කරමින් සිය මහජන පදනම තහවුරු කිරීමට ඔහු සමත් වූ අතර, ගුජරාට් ප්‍රාන්තයේ වැඩිම කාලයක් සේවය කළ මහ ඇමතිවරයා මෙන්ම, මහ ඇමති අත්දැකීම් සහිතව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ වැඩිම කාලයක් සේවය කළ නායකයා ද වන්නේ ඔහුයි.

මූලාශ්‍රය | NDTV