මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද ගැටුම් සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති ආරක්ෂක අවදානම හේතුවෙන්, ලොව පුරා වෙසෙන සහ සංචාරය කරන සියලුම අමෙරිකානු පුරවැසියන් සඳහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යාවත්කාලීන කරන ලද “ලෝක ව්‍යාප්ත ප්‍රවේශම් සහගත අනතුරු ඇඟවීමක්” (Worldwide Caution) නිකුත් කර තිබේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නිල ‘X’ (පෙර Twitter) ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් මැදපෙරදිග කලාපයේ මෙන්ම ඉන් පිටත පිහිටි එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන, තානාපති කාර්යාල සහ අමෙරිකානුවන් බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ වැඩි අවදානමක් පවතින බවයි.
ඒ අනුව සියලු අමෙරිකානුවන් ළඟම පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය හෝ කොන්සල් කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂක අනතුරු ඇඟවීම්වල මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
කාලානුරූපව ගුවන් අවකාශය වසා දැමීම මෙන්ම මැද පෙරදිගින් පිටත ඇතුළුව එක්සත් ජනපද රාජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පහසුකම් ඉලක්ක විය හැකි බවත් ඉරානයට සහාය දක්වන කණ්ඩායම් විදේශයන් හී අනෙකුත් එක්සත් ජනපද අවශ්‍යතා හෝ එක්සත් ජනපද හා ලොන පුරා අමෙරිකානුවන් හා සම්බන්ධ ස්ථාන ඉලක්ක විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
මේ හේතුවෙන් වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙසත් දන්වමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව පුරා සිටින සියලු අමෙරිකානුවන්ට යාවාත්කාලීන අනතුරු ඇඟවීමක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
