ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩක දසුන් ශානක, එළඹෙන 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහු මෙවර පකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා ලබා දී තිබූ සිය කැමැත්ත ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන තිබේ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් (Sam Curran) හට එල්ල වූ බරපතළ ඉඟටිය ආශ්‍රිත ආබාධයක් (Groin Injury) හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට වඩාත් උචිත ආදේශකයක් ලෙස දසුන් ශානකව කණ්ඩායමට එක් කරගත් බව රාජස්ථාන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ‘Cricbuzz’ වෙබ් අඩවිය වෙත තහවුරු කර ඇත.
පසුගිය PSL ක්‍රීඩක වෙන්දේසියේදී පකිස්තානු රුපියල් ලක්ෂ 75ක මුදලකට දසුන් ශානකව ලාහෝර් කලැන්ඩර්ස් (Lahore Qalandars) කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණි. කෙසේ වෙතත්, IPL තරගාවලිය සඳහා අවස්ථාව හිමිවීමත් සමඟ ඔහු එම ගිවිසුමෙන් ඉවත් වී ඇති අතර, ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම දසුන් වෙනුවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩැනියෙල් සෑම්ස් (Daniel Sams) තම කණ්ඩායමට ඇතුළත් කරගෙන තිබේ.
