Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් පෙම දුර දිග ගොස් 63 හැවිරිදි පෙම්වතා 23 හැවිරිදි ශ්‍රී පෙම්වතිය පැහැර ගෙන යාමට කැන්ඩාවේ සිට ලංකාවට පැමිණෙයි

4 years ago

මුලතිව් ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක කාන්තාවක් පැහැර ගැනීමට කැනඩාවේ සිට පැමිණි 63 හැවිරිදි පුද්ගලයෙකු හා ඊට අනුබල දුන් තවත් දෙදෙනෙකු මුලතිව් පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
කැනඩාවේ පදිංචියට ගොස් සිටින වයස වුරුදු 23 ක කාන්තාවක් මීට වසරකට පමණ ඉහතදී
විවාහ වී ඇති අතර කෙටි කලකදි ඇය ඔවුන්ගේම පවුලේ 63 හැවිරිදි ඥාතියෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. 
 
මේ හේතුව මත සැමියා ඇයගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර කාන්තාව සිය ගම්මානය වූ
මුලතිව් පළාතට පැමිණ තිබෙනවා. 
 
ඊට දින දහයකට පමණ පසුව කැනඩවේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකු තමන්ට ඇය සමග ජීවත් වීමට අවශ්‍ය බව පවසා ඇයව කැටුව යාමට උත්සහ කොට තිබෙනවා. 
 
ඊට කාන්තාවගේ ඥාතීන් විරුද්ධ වූ නිසා ඔහු එදින රාත්‍රියේ කාන්තාව පැහැර ගෙන යාමට
උත්සහ කොට ඇති අතර ඥාතීන් එය වළක්වාගෙන මේ පිළිබදව මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් වහම ක්‍රීයාත්මක වූ පොලීසිය සැකකරු හා ඔහු සමග සිටි තවත් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

-hiru-