ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුසල් මෙන්ඩිස් හට විදේශීය විස්සයි-20 ලීග් තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එෂාන් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය නියෝජනය කිරීම සඳහා අවශ්‍ය “විරෝධතා නොමැති සහතිකය” (NOC) හිමිව ඇත. මෑත කාලීනව දේශීය හා ජාත්‍යන්තර පිටියේ දැක්වූ දස්කම් හේතුවෙන් ඔහුට මෙම IPL අවස්ථාව හිමිව තිබේ. එමෙන්ම, කුසල් මෙන්ඩිස් හට පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ද ක්‍රිකට් ආයතනය අවසර ලබා දී ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් තිදෙනෙකු වන වනිඳු හසරංග, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් හට විදෙස් ලීග් සඳහා සහභාගී වීමට අවශ්‍ය අනුමැතිය මෙතෙක් හිමිව නොමැති බව වාර්තා වේ.
