හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාදුන් කාලසීමාව අවසන් වීමට ආසන්න වෙද්දී, කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට විදුලිය සපයන බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනය ඉරාන ප්‍රහාර හේතුවෙන් අඩාල වී පවතින පසුබිමක, ජනාධිපති ට්‍රම්ප් ඉරිදා අලුයම විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ ඉදිරි පැය 48 ඇතුළත සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
සඳුදා උදෑසන ඉරාන රාජ්‍ය රූපවාහිනිය මඟින් නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විප්ලවීය බළකාය සඳහන් කළේ, අමෙරිකාව එවැනි ප්‍රහාරයක් එල්ල කළහොත් මැදපෙරදිග කලාපයේ අමෙරිකානු කඳවුරු පවත්වාගෙන යන රටවල බලශක්ති පද්ධති වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවයි.
