ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවට ලැබෙන වාර්තාත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (23) කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
පසුගිය දින කිහිපය පුරා ඉරානයට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, අද සිය ස්ථාවරය වෙනස් කරමින් ප්‍රකාශ කළේ පසුගිය දෙදින තුළ ඉරානය සමඟ “ඉතා යහපත් සහ ඵලදායී” සාකච්ඡා පැවැත්වූ බවයි.
මෙම සාකච්ඡාවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින්, ඉරාන බලශක්ති පද්ධතිය ඉලක්ක කර ගනිමින් එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර තවත් දින පහකට කල් තබන ලෙස ජනාධිපතිවරයා ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
යුදමය වාතාවරණය සමනය වීමේ ලකුණු පහළ වීමත් සමඟ බොරතෙල් මිලෙහි පහත දැක්වෙන වෙනස්කම් වාර්තා විය:
- බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී ඇති අතර, අද උදෑසන ඩොලර් 114 ක් ලෙස පැවති බැරලයක මිල මේ වන විට ඩොලර් 99 ට වඩා අඩු අගයක් ගෙන ඇත.
- ඇමෙරිකානු (WTI) බොරතෙල් මිල 8% කින් පහත වැටී බැරලයක මිල ඩොලර් 90 දක්වා අඩු වී තිබේ.
