නිව්යෝර්ක්හි ලාගාඩියා (LaGuardia) ගුවන් තොටුපළේදී එයාර් කැනඩා (Air Canada) සමාගමට අයත් ගුවන් යානයක් ගිනි නිවන රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් යානයේ ගුවන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වාර්තා සනාථ කරයි.
මොන්ට්රියල් සිට පැමිණි එයාර් කැනඩා එක්ස්ප්රස් (Air Canada Express) සමාගමට අයත් CRJ-900 වර්ගයේ යානය ගොඩබස්වන අවස්ථාවේදී මෙම ගැටීම සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ ගිනි නිවන රථය, යුනයිටඩ් එයාර්ලයින්ස් (United Airlines) යානයක ඇති වූ වෙනත් හදිසි තත්ත්වයකට සහාය වීම සඳහා ධාවන පථය හරහා ගමන් කරමින් තිබී ඇත.
අනතුරින් යානයේ ගමන් කළ පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 32 දෙනෙකු ප්රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. කෙසේ වෙතත් පුද්ගලයින් 9 දෙනෙකු තවමත් “බරපතල තුවාල” සහිතව රෝහල් ගතව ප්රතිකාර ලබන බව වාර්තා වේ.
ගිනි නිවන රථය තුළ සිටි නිලධාරීන් දෙදෙනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති නමුත් ඔවුන්ගේ ජීවිතවලට අවදානමක් නොමැති බව බලධාරීහු පවසති.
