Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

8 months ago

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා ඉරානය වෙත කරුණු 15කින් යුත් සාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන පරිදි, මෙම රහසිගත සැලැස්ම තුළ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සඳහා දැඩි සීමාවන් පැනවීම සහ දැනට වසා දමා ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම වැනි ප්‍රධාන කොන්දේසි ඇතුළත් වේ.

කෙසේ වෙතත්, මෙම කරුණු 15 ඇතුළත් නිල ලියවිල්ල මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැත.

අමෙරිකාව සහ ඊශ්‍රායලය නිකුත් කළ දත්තවලට අනුව, යුද්ධය ආරම්භ වූ දා සිට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ පිහිටි ඉලක්කගත ස්ථාන 82,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ.