මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) බලාගාරයට එල්ල වූ මිසයිල ප්‍රහාර හමුවේ එම සමාගම විසින් “Force Majeure” හෙවත් “අපාලිත තත්ත්වයක්” ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල එල්ල වූ මෙම ප්‍රහාරවලින් LNG නිෂ්පාදන ඒකක දෙකක් සහ ගෑස්-ටු-ලික්විඩ්ස් (GTL) ඒකකයක් දැඩි ලෙස හානියට පත්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් කටාර් බලශක්ති සමාගම (Qatar Energy) සිය නිෂ්පාදන කටයුතු සහ බෙදාහැරීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වෙත සිදුකරන LNG සැපයුම් තාවකාලිකව නතර කර ඇත.
මෙම නීතිමය ප්‍රකාශය යටතේ, සමාගමකට තම පාලනයෙන් බැහැර වූ යුද්ධයක් හෝ ස්වභාවික ආපදාවක් වැනි තත්ත්වයක් හේතුවෙන් පාරිභෝගිකයින් සමඟ ඇති කරගත් ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් නීතිමය සහනයක් හිමිවේ.
