Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අමෙරිකාවේ සටන් විරාම කොන්දේසි පාකිස්තානය හරහා ඉරානයට දැනුම් දෙයි

8 months ago

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය තත්ත්වය සමනය කිරීමේ අරමුණින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් සකස් කළ 15 වැදෑරුම් සටන් විරාම යෝජනාවලියක් පාකිස්තානය විසින් පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය නතර කිරීම සඳහා පාකිස්තානය මේ වන විට ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටී. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතා පවසා ඇත්තේ දෙපාර්ශවයේ එකඟතාව මත “අර්ථවත් සහ තීරණාත්මක” සාකච්ඡා සඳහා සත්කාරකත්වය දැක්වීමට ඉස්ලාමාබාද් අගනුවර සූදානම් බවයි. පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් අසීම් මුනීර් මහතා ද මේ සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

විදෙස් වාර්තාවලට අනුව අමෙරිකාව ඉදිරිපත් කළ මෙම ලේඛනයේ ප්‍රධාන කරුණු කිහිපයක් ඇතුළත් වේ:

  • ඉරානයට පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කිරීමේ හැකියාව.
  • ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පාලනය කිරීම සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) අධීක්ෂණයට ඉඩ දීම.
  • ඉරානයේ මිසයිල පද්ධති සම්බන්ධයෙන් සීමාවන් පැනවීම.
  • ගෝලීය බලශක්ති සැපයුමට බාධාවක් නොවන පරිදි නැව් ගමනාගමනයට ආරක්ෂිත මගක් සැලසීම.

ඉරාන රජය මෙතෙක් මෙම ලේඛනය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, අමෙරිකාව සමඟ ඍජු සාකච්ඡා පවත්වන බවට පළවන වාර්තා ද ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, පාකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළ දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට අවස්ථාව පවතින බවයි. ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් මෙම සාකච්ඡා සඳහා ඉරානය නියෝජනය කරනු ඇතැයි අනුමාන කෙරේ.