Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප්ගේ ප්‍රකාශවලින් වෙනස් වෙන බොරතෙල් මිල

8 months ago

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (25) දිනයට සාපේක්ෂව යළි ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ගවල මිල ගණන් වාර්තා වන්නේ මෙසේය:

  • WTI බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.39 කි. (1% ක වැඩිවීමකි)
  • බ්‍රෙන්ට් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.3 කි. (1.10% ක වැඩිවීමකි)
  • මර්බන් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.4 කි. (පෙර මිලට සාපේක්ෂව 14.52% ක අඩුවීමකි)

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර දින 5ක කාලයක් සඳහා තාවකාලිකව නැවැත්වීමට ගත් තීරණයත් සමඟ මීට පෙර බොරතෙල් මිල ගණන් යම් ප්‍රමාණයකින් පහත වැටුණි.

කෙසේ වෙතත්, ඉරානය විසින් අමෙරිකානු සාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සහ කලාපීය යුද්ධය තවදුරටත් ඇවිලී යාමේ අවදානම හේතුවෙන් ආයෝජකයින් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මිල ඉහළ යාමට සෘජුවම බලපා තිබේ.