Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමරිකානු ‘USS ඒබ්‍රහම් ලින්කන්’ යුද නෞකාවට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

8 months ago

අරාබි මුහුදේ රඳවා ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘USS ඒබ්‍රහම් ලින්කන්’ නෞකාව ඉලක්ක කර සිය වෙරළබඩ ආරක්ෂක පද්ධති මගින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ඉරාන නාවික හමුදාපති රියර් අද්මිරාල් ෂහ්රාම් ඉරානි (Shahram Irani) අවධාරණය කළේ, අදාළ නෞකාව ඉරාන මිසයිල පරාසය තුළට ඇතුළු වූ සැණින් එයට ප්‍රහාර එල්ල කරන බවයි.

මෙම මිසයිල ප්‍රහාරයෙන් නෞකාවට සිදුව ඇති හානිය හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් ස්වාධීන තහවුරු කිරීමක් සිදුව නොමැත.

කෙසේ වෙතත්, අමෙරිකානු බලධාරීන් පවසන්නේ තම මෙහෙයුම්වලට බාධාවක් වී නොමැති බවත්, නෞකාව සැලසුම් කළ පරිදි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාරාත්මක මෙහෙයුම් දියත් කරමින් පවතින බවත්ය.