Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL ඉතිහාසයේ තවමත් කිසිඳු කුසලානයක් දිනා ගැනීමට වරම් හිමි නොවූ කණ්ඩායම් ද්විත්වය

8 months ago

ලොව ධනවත්ම සහ ජනප්‍රියම විස්සයි-20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භ වී දැන් වසර 18ක් ගතවී තිබේ.

මෙම කාලය තුළ විවිධ කණ්ඩායම් කිහිප වරක්ම කුසලානය දිනා ගැනීමට සමත් වුවද, 2008 වසරේ සිට අඛණ්ඩව තරගාවලියට එක්වන ප්‍රබල කණ්ඩායම් දෙකකට තවමත් එම වාසනාව හිමිවී නෑ.

වසර 18ක් පුරා ක්‍රීඩා කරමින් දක්ෂතා පෙන්වුවද, අවසන් මොහොතේ කුසලානය ගිලිහී ගිය ඒ අවාසනාවන්ත කණ්ඩායම් දෙක වන්නේ දිල්ලි කැපිටල්ස් සහ පන්ජාබ් කිංග්ස් (PBKS) යන කණ්ඩායම්ය.

විශේෂයෙන්ම පසුගිය 2025 වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සිය 18 වසරක කුසලාන පිපාසය නිමා කරමින් සිය ප්‍රථම ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ අනුව, වසර 18ක් පුරා ක්‍රීඩා කළද තවමත් කුසලානයක් ජය ගැනීමට නොහැකි වූ අවාසනාවන්ත කණ්ඩායම් ලැයිස්තුවේ ඉතිරිව ඇත්තේ කණ්ඩායම් දෙකක් පමණි.

1. පන්ජාබ් කිංග්ස් (Punjab Kings – PBKS)

IPL ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිය නායකයන් සහ පුහුණුකරුවන් වෙනස් කළ කණ්ඩායම ලෙස පන්ජාබ් කිංග්ස් හැඳින්විය හැකිය. 2008 වසරේ සිටම තරගාවලිය නියෝජනය කළද ඔවුන්ට තවමත් සිය පළමු කුසලානය දිනා ගැනීමට නොහැකි වී ඇත.

මොවුන් 2014 වසරේදී ප්‍රථම වරට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් හමුවේ පරාජය විය. නැවතත් 2025 වසරේදී ඔවුන් අවසන් මහා තරගයට පැමිණියද, RCB කණ්ඩායම හමුවේ ලකුණු 6කින් පරාජය වී අනුශූරයන් වීමට ඔවුන්ට සිදු විය.

2. දිල්ලි කැපිටල්ස් (Delhi Capitals – DC)

මුල් කාලයේ ‘දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්’ ලෙස හැඳින්වුණු මෙම කණ්ඩායමද 2008 වසරේ සිට IPL පිටියේ ප්‍රධාන කණ්ඩායමකි. නමුත් වසර 18ක් ගතවුවද දිල්ලි ප්‍රදේශයට අයි.පී.එල්. කුසලානයක් ගෙන ඒමට ඔවුන්ට තවමත් හැකියාව ලැබී නැත.

දිල්ලි කණ්ඩායම මේ දක්වා අවසන් මහා තරගයක් නියෝජනය කර ඇත්තේ 2020 වසරේදී පමණි. එහිදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හමුවේ ඔවුන් පරාජයට පත් විය.