නේපාලයේ පැවැති තීරණාත්මක මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ සුප්‍රසිද්ධ රැප් ගායකයෙකු සහ දේශපාලනඥයෙකු වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා (Balendra Shah) එරට අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය.
පසුගිය වසරේ තරුණ ප්‍රජාවගේ මූලිකත්වයෙන් ඇති වූ දැවැන්ත දේශපාලන විරෝධතාවලින් පසු නේපාලයේ පැවැත්වුණු පළමු මැතිවරණය මෙය වීම විශේෂත්වයකි.
දූෂණය, පවුල් පාලනය සහ ප්‍රභූ දේශපාලනය කෙරෙහි දැඩි කලකිරීමෙන් සිටි නේපාල වැසියන් අතර බාලේන්ද්‍ර ෂා ගෙන ආ “වෙනසක පණිවුඩය” ලැව්ගින්නක් සේ පැතිර ගියේය.
කත්මණ්ඩු අගනුවර නගරාධිපතිවරයා ලෙස වසර තුනක කෙටි කාලයක් තුළ ඔහු පෙන්වූ දක්ෂතාවය, මෙවර ‘රාස්ත්‍රිය ස්වාධීන පක්ෂය’ (RSP) හරහා අගමැති ධුරය දක්වා ඔහුව ඔසවා තැබීමට සමත් විය.
