ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත ක්‍රීඩකයන් සඳහා පවත්වනු ලබන අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ මඟහැරීම සම්බන්ධයෙන් ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දැනුම් දී තිබේ.
වාර්තා වන පරිදි, වනිඳු හසරංග කිසිදු නිසි හේතුවක් ඉදිරිපත් නොකර අවස්ථා තුනකදී මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිටීම මඟහැර තිබේ.
එලෙස පරීක්ෂණ මඟහරිමින් ඔහු උසස් තාක්ෂණික මධ්‍යස්ථානය (High Performance Center) තුළ සිය පුහුණුවීම් කටයුතුවල පමණක් නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ ගිවිසුම්ගත සියලුම ක්‍රීඩකයින් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවයි. එම පරීක්ෂණයෙන් සමත්වන ක්‍රීඩකයින්ට පමණක් දේශීය තරග මෙන්ම විදෙස් ලීග් තරග (Franchise Leagues) සඳහා සහභාගී වීමට අවශ්‍ය නිල අවසරය (NOC) ලබා දෙන බව ද ආයතනය අවධාරණය කර තිබුණි.
