ලොව විශාලතම ඇලුමිනියම් නිෂ්පාදන ආයතනයක් වන බහරේනයේ පිහිටි කර්මාන්තශාලාවකට ඊයේ (28) ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මැදපෙරදිග කලාපීය යුදමය වාතාවරණය හමුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිදුවූ දේපළ හානිය පිළිබඳව අදාළ සමාගම මේ වන විට තක්සේරු කරමින් සිටින අතර, සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය ප්‍රධාන වගකීම බව ඔවුන් පවසා තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් දැනටමත් තම නිෂ්පාදන ධාරිතාවයෙන් 19%ක් පමණ නතර කිරීමට සිදුව ඇති බව සමාගම මීට පෙර පවසා තිබූ අතර, මෙම ප්‍රහාරයත් සමඟ නිෂ්පාදන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.
මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති ඉරාන විප්ලවීය හමුදාව ප්‍රකාශ කළේ, ඉරානයේ වානේ කර්මාන්තශාලා දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඇලුමිනියම් කර්මාන්තශාලා ඉලක්ක කළ බවයි.
