ඉදිරි මාස තුන සඳහා ඕස්ට්‍රේලියානු රජය නැවතත් ඉන්ධන සඳහා පනවා ඇති බදු අඩකින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අප්‍රේල් 1 වන බ්‍රහස්පතින්දා සිට ජුනි 30 වන අඟහරුවාදා දක්වා වන අතර ඕස්ට්‍රේලියානු රජය විසින් අද(30) මේ බව නිවේදනය කර තිබෙනවා.
යුක්රේනයේ එවකට මතුවෙමින් තිබූ ගැටුම් හේතුවෙන් 2022 මාර්තු මාසයේදී මාස හයකට ඉන්ධන බදු අඩකින් අඩු කිරීමෙන් පසු මෑත වසරවලදී ඉන්ධන බදු ඕස්ට්‍රේලියානු රජය විසින් අඩු කරන ලද දෙවන අවස්ථාව මෙයයි.
මේ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ජනතාව ඉන්ධන ලබා ගන්නා විට මුදල් ඉතිරි කර ගැනීම සඳහා මාස තුනක කාලයකට ඉන්ධන බදු අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවයි.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් දේශීය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් එය ඔස්ට්‍රේලියානුවන්ට පීඩනයක් ගෙන දෙන බැවින් මෙම තීරණය ගැනීමට කටයුතු කළ බවද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
