Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවන් තුෂාර ජාතික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වෙයි ?

8 months ago

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තමන්ව ජාතික කොන්ත්‍රාත්තුවක් සඳහා සලකා නොබලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර නැහැ.

දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමඟ එක්වීමට ඔහු සුදානමින් සිටි අතර, ඒ වෙනුවෙන් පැවැත්වූ අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.