සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට (Prince Sultan Air Base) පසුගිය සිකුරාදා එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින්, ඇමරිකානු ඩොලර් මිලියන 470ක් වටිනා E-3 Sentry (AWACS) වර්ගයේ ඔත්තු බැලීමේ යානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
නවතම චන්ද්‍රිකා ඡායාරූප (Satellite Imagery) මගින් තහවුරු වී ඇත්තේ අංක 81-0005 දරන මෙම යානයේ රේඩාර් පද්ධතියට සහ බඳ කොටසට (Fuselage) බරපතල හානි සිදුව ඇති බවයි.
ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ 552nd Air Control Wing ඒකකයට අයත් මෙම යානය නැවත අලුත්වැඩියා කළ නොහැකි මට්ටමට (Beyond repair) විනාශ වී ඇති බවයි.
මීට අමතරව KC-135 වර්ගයේ ඉන්ධන පිරවුම් යානා කිහිපයකට ද හානි සිදුව ඇත.
ඇමරිකානු ගුවන් හමුදාව සතු “පියාඹන රේඩාර් පද්ධතිය” ලෙස සැලකෙන මෙම යානය, සතුරු මිසයිල සහ ඩ්‍රෝන හඳුනාගෙන ගුවන් මෙහෙයුම් මෙහෙයවීමට යොදා ගන්නා ප්‍රධානතම අවියකි. දැනට ඇමරිකාව සතුව මෙවැනි ක්‍රියාකාරී යානා පවතින්නේ 16ක් පමණක් වීම මෙම හානියේ බරපතලකම වැඩිකරයි.
මෙම දැවැන්ත මූල්‍ය සහ ආරක්ෂකමය හානිය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළද, ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) මේ දක්වා ඒ පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වීම විශේෂත්වයකි.
