Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර 4කට පසු ඉහළම අගය වාර්තා කරයි

8 months ago

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරත් සමඟ ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු ඉහළම අගය වාර්තා කර තිබේ.

ඊයේ (30) දිනයේදී ලන්ඩන් ලෝහ හුවමාරුවේ (London Metal Exchange) ඇලුමිනියම් මිල 3%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඇලුමිනියම් මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 3,401ක් ලෙස සටහන් විය.

කලාපයේ ප්‍රමුඛතම නිෂ්පාදකයා වන එමිරේට්ස් ග්ලෝබල් ඇලුමිනියම් (EGA) සමාගම නිවේදනය කර ඇත්තේ අබුඩාබි හි පිහිටි තම මධ්‍යස්ථානයට ප්‍රහාර හේතුවෙන් දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

මේ අතර බහරේන් ඇලුමිනියම් (Alba) සමාගම ද තම නිෂ්පාදන මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරවලින් සිදු වූ හානිය මේ වන විට තක්සේරු කරමින් සිටින බව වාර්තා වේ.