Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විෂ කාරක අධි මාත්‍රාවෙන් අඩංගු බව පවසමින් සුපෝෂ, නැණපෝෂ හා ලක්පෝෂ විකිණීම තහනම් කරමින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන්  නියෝගයක්

4 years ago

ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ‍ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එසේ තහනම් කර ඇත්තේ සුපෝෂ, නැණපෝෂ හා ලක්පෝෂ යන පෝෂ වර්ග තුනයි.

අදාල පෝෂ වර්ග නිෂ්පාදනය කරන සමාගම් තුනට මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.

මාතර අධිකරණ බල සීමාවන් තුළ මෙම නිෂ්පාදන විකිණීම වහාම තහනම් කරන ලෙසත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වූ වහාම ඉවත් කර ගැනීමටත් නියෝග කර ඇත.

ප්‍රදේශයේ වෙළඳසැල් පරීක්ෂාවට ලක් කරන ලද මහජන පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත්අඩංගුවට ගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටොක්සින් තිබීම හේතුවෙන් අධිකරණයේ නඩු පවරා තිබිණි.