Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළක්වීමට නව සැලැස්මක්! සියලුම පාසල් ගුරුවරුන්ට නව පුහුණුවක්!

4 years ago

පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්ද යන්න සම්බන්ධයෙන් ගුරුවරුන්ට
පුහුණුවක් ලබාදීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

දරුවන් සහ තරුණයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස
යෝජනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලා දිසානායක
ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ විවාදයට ඊයේ (10) එක්වෙමිනු යි ඔහු මේ බව කියා
සිටියේ.