වෙළඳපොළ ලූණු සහ අර්තාපල්වල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව දේශීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 340ත් 350ත් අතර මිලකට අලෙවි වන අතර ආනයනික ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285ත් 290ත් අතර අගයක් ගන්නා බවයි වෙළෙන්දන් පවසන්නේ.
ඊට අමතරව දේශීය අර්තාපල් කිලෝවක මිල රුපියල් 360ත් 380ත් දක්වා ඉහළ ගොස් ඇති අතර ආනයනික අර්තාපල් මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි දැනගන්නට ලැබුණේ.
ඒ, අනුව පාකිස්කාන අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 190ත් අතර මිලක් ගන්නා අතර, චීන අර්තාපල් කිලෝවක මිල රුපියල් 210ත් 220ත් අතර අගයකින් මිල ඉහල ගොස් තිබෙනවා.
රතු ලූණු කිලෝවක මිල ද රුපියල් 550ක් පමණ දක්වා ඉහළ ගොස් ඇත.
