අද(11) උදෑසන තරුණයන් දෙදෙනකු විසින් 15 හැවිරිදි දැරියක්ව ගම්පහ රෝහලට භාර දීමෙන් පසු එම දැරිය මිය ගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ එම දැරියව රෝහලට රැගෙන ආ තරුණයන් දෙදෙනා රෝහලෙන් පලාගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසනවා.
මෙම තරුණයන් දෙදෙනා මෝටර් රථයකින් දැරියව රෝහලට රැගෙනවිත් ඇති අතර දැරිය
සිහිසුන්ව සිටි බැවින් ඇය වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරගෙන තිබෙනවා.
එහි දී වෛද්‍යවරයෙකු විසින් දැරිය පරික්ෂා කර ඇති බවත් ඒ වන විටත් දැරිය මිය ගොස්
ඇති බවත් වෛද්‍යවරයා පවසා තිබෙනවා.
මේ අවස්ථාවේදී ඉතා රහසිගත ලෙස එම දැරිය රැගෙන විත් සිටි තරුණයන් දෙදෙනා රෝහලෙන් පලා ගොස් තිබෙනවා.
දැරියව රෝහලට රැගෙන ආ තරුණයන් දෙදෙනා පැමිණි මෝටර් රථය සහ එම තරුණයින් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලිසිය රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබුණා.
එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම
සිද්ධියට අදාළව 27 හැවිරිදි තරුණයෙකු සහ තවත් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ – බෙම්මුල්ල – බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි
තරුණයෙකි.
අදාළ සැකකරු බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ මෙම දැරිය සමඟ ජිවත්ව සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
ඊයේ රාත්‍රියේ ඇති වූ ආරවුලදී සැකකරු විසින් ඇයට බරපතල ලෙස පහරදී ඇති බවට පොලිස්
පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
පසුව පහරකෑමට ලක්ව රෝගාතුරව සිටි දැරිය අද උදෑසන 7ට පමණ සැකකරු සහ තවත් අයෙකු විසින් මෝටර් රථයකින් රැගෙනවිත් ගම්පහ මහරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය රෝහල්ගත කර ඔවුන් ක්ෂණිකව එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
දැරියගේ සිරුරේ පහරදීමකින් සිදුවූ බවට සැකකරන තැලුම් තුවාල නිරීක්ෂණය කළ රෝහල් බලධාරින් පසුව පොලිසිය දැනුවත් කර රෝහලේ සහ අවට ආරක්ෂක කැමරා දර්ශන
උපයෝගිකරගනිමින් සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන තිබුණා.
