පළමු වසරේ සිට දරුවන් තුළ කථන ඉංග්‍රීසි භාවිතය ශක්තිමත් කිරීමට 2023 වසරේ සිට
පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
එහි පළමු පියවර වශයෙන් සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසැල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරු භවතුන් ආසන්න වශයෙන් 13500ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඔහු මේ අදහස් පළ කළේ අනාගත අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් පාසැල් සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වාසුදේව නානායක්කාර මහතා විසින් කරන ලද ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින්.
අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය.
