Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානය සටන් විරාම යෝජනාවට පිටුපායි

8 months ago

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කරන්නේ, තාවකාලික සටන් විරාමයකට එකඟ වීම වෙනුවට පවතින ගැටුම් සඳහා “ස්ථිර සහ තීරණාත්මක නිමාවක්” අවශ්‍ය බව ඉරානය අවධාරණය කරන බවයි. පකිස්තානය හරහා අමෙරිකාව වෙත යොමු කළ කරුණු 10 කින් යුත් පිළිතුර මගින් ඉරානය පෙන්වා දී ඇත්තේ තාවකාලික විසඳුම් මගින් පවතින අර්බුදයට පිළියම් නොලැබෙන බවයි.

ඉරානය ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම්:

  • කලාපීය ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
  • හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා නව ආරක්ෂිත ප්‍රොටෝකෝලයක් සකස් කිරීම.
  • පනවා ඇති සියලු සම්බාධක ඉවත් කිරීම.
  • යුද්ධයෙන් හානි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම.

ඉරානයේ මෙම තීරණයත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. ඔහු පවසා ඇත්තේ අඟහරුවාදා (අද) රාත්‍රී 8:00 වන විට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය ආරම්භ කිරීමට ඉරානය එකඟ නොවන්නේ නම්, ටෙහෙරානය වෙත “නිරය” (Hell) උදා කරන බවයි.