Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩේවිඩ් වෝනර් අත්අඩංගුවට

8 months ago

ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් බීමත්ව රිය පැදවීමේ චෝදනාව මත සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සිඩ්නි නුවර මාර්බ්‍රා (Maroubra) ප්‍රදේශයේ මලබාර් පාරේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ හදිසි හුස්ම පරීක්ෂාවකදී (Random Breath Test) වෝනර් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහුගේ රුධිරයේ මත්පැන් සාන්ද්‍රණය 0.104ක් ලෙස සටහන් වී ඇති අතර, එය ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූල මට්ටම මෙන් දෙගුණයකටත් වඩා වැඩි (Middle-range PCA) අගයකි.

ඩේවිඩ් වෝනර් මේ වන විට පකිස්ථාන සුපර් ලීග් (PSL 2026) තරගාවලියේ කරච්චි කිංග්ස් (Karachi Kings) කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. තරග අතරතුර ලැබුණු කෙටි විවේකයකදී සිය පවුලේ සාමාජිකයන් හමුවීමට ඔහු සිඩ්නි නුවර වෙත පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. වෝනර්ගේ නායකත්වයෙන් යුත් කරච්චි කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිතව පසුවන අතර, මෙම සිදුවීම හේතුවෙන් ඔහුගේ ඉදිරි තරග සහභාගීත්වය පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් වී නැත.