Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සටන් විරාම ගිවිසුමට ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිලයෙන් සුබවාදී පිළිතුරක්

8 months ago

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කරන ලද සහ පකිස්ථානයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් සකස් වූ සති දෙකක තාවකාලික සටන් විරාම ගිවිසුම ඉරාන රජය විසින් නිල වශයෙන් පිළිගෙන තිබේ.

ඉරානයේ මෙහර් (Mehr) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය (Supreme National Security Council) විසින් මෙම ගිවිසුම ස්ථිර කර ඇති බවයි. විශේෂයෙන්ම, ඉරානයේ නව උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා කමේනි මහතා මෙම සටන් විරාම ගිවිසුම සඳහා සිය අනුමැතිය ලබා දී ඇති බව නිල නිවේදනයේ සඳහන් වේ.

මෙම සටන් විරාම ගිවිසුම “ඉරානය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්” ලෙස ඉරාන ආරක්ෂක මණ්ඩලය හඳුන්වා දී ඇත.