හුංගම දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 10ක
සිසුවියකට පන්ති භාර ගුරුවරයා විසින් අමානුෂික ලෙස පහරදීමක් පිළිබඳව පෙරේදා(10) එම දැරියගේ මව විසින් හුංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව කළ විමර්ශනයේදී නිරීක්ෂණය වී තිබෙන්නේ දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු කිහිපයක් පවතින බවයි.
ඒ හේතුවෙන් දැරිය තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර දැරිය මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.
මෙම පහරදීම සම්බන්ධයෙන් සැකකාර 49 හැවිරිදි ගුරුවරයා අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකරු අගුණුකොලපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ.
විද්‍යාලයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පන්තිය භාරව සිටින එම ගුරුවරයා විසින් තම දියණියට දිගින් දිගටම පහරදීම් සිදුකර ඇති බවට දැරියගේ මව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඇය පවසන්නේ 15 වතාවක් පමණ අදාළ දැරියට පහරදීම් කර තිබූ තබයි. එලෙස පහර දී ඇත්තේ.
අවුරුදු 10 ක දැරියට සිංහල පොත කියවා ගැනීමට නොහැකි වූ බව පවසමින් බවයි මව පවසා ඇත්තේ.
මීට පෙරත් කිහිප වතාවක් දැරියට අඩත්තේට්ටම් කිරීම් සිදුව ඇති අතර දැරියගේ
කොණ්ඩයෙන් ඇඳ පහරදීම් සිදු කිරීම නිසා හිසකෙස් කපා පාසලට දැරිය යොමු කිරීමටත්
කටයුතු කළ බවද මව සිය පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
