Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන් විසින් සිය සේවා සඳහා මෙතෙක් අය කළ ගාස්තුව ඉහළට

8 months ago

මෙරට උත්සව කෑම වට්ටෝරු (Menus) සඳහා අයකරනු ලබන ගාස්තු අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා සඳහන් කළේ, උත්සව ක්ෂේත්‍රය රැක ගැනීම සඳහා මෙම මිල වැඩි කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

සංගමය විසින් ප්‍රකාශ කරන ලද නව මිල සංශෝධනයන් මෙසේය:

  • නව ඇණවුම්: මැයි මාසයේ සිට ලබාගන්නා නව ඇණවුම් සඳහා 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ගාස්තු ඉහළ යනු ඇත.
  • පැරණි ඇණවුම්: මේ වන විටත් වෙන් කරවා ඇති (Booked) ඇණවුම් සඳහා 10%ක මිල වැඩි කිරීමක් සිදු කෙරේ.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය, වැට් බද්ද (VAT) සහ අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.මෙරට උත්සව කෑම වට්ටෝරු (Menus) සඳහා අයකරනු ලබන ගාස්තු අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.