Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාවේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

7 months ago

හෝමූස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් කටයුතු ආරම්භ කළ බවට අමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) කළ ප්‍රකාශය ඉරානය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.

අමෙරිකානු මධ්‍යම විධානය මීට පෙර නිවේදනය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තම නාවික යාත්‍රා දෙකක් සාර්ථකව යාත්‍රා කළ බවත්, එහි ඇති බිම් බෝම්බ ඉවත් කර ආරක්ෂිත නාවික ගමන් මාර්ගයක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

මෙම ප්‍රකාශය අසත්‍ය බව පවසමින් ඉරාන සන්නද්ධ හමුදා මූලස්ථානය අවධාරණය කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඕනෑම යාත්‍රාවක ගමන් කිරීම පාලනය කිරීමේ සහ අවසර දීමේ පූර්ණ අයිතිය ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන් සතු වන බවයි.