පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ බුලත්සිංහල සම්බන්ධීකරණ ලේකම් මංජුල රණවකගේ නිවසේ සිකුරාදා දහවල් දානමය පිංකමක් පැවැත් විණි. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, චම්පික රණවකද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ලලිත් වර්ණකුමාරද, එක්ව සිටියහ. මෙම මන්ත්‍රීවරුන් දානය බෙදීමේදී චම්පික රණවක මන්ත්‍රීවරයා පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට බත් බෙදීමට සූදානම් වූයේය.
‘‘ආනන්ද හාමුදුරුවන්ට නම් වැඩියෙන් දානේ දෙන්න ඕනි. දුවලා පැනලා වැඩත් කරනවා. දේශපාලනයත් කරනවා’’ යනුවෙන් මන්ත්‍රීවරයා කීවේය. දානමය පිංකමෙන් පසු මෙම මන්ත්‍රීවරු තිදෙනා වෙනම සාකච්ඡාවක් පැවැත් වූහ. එහිදී රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ලලිත් වර්ණකුමාර මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇත්තේ ‘‘අලියට එකතු වෙන ලෙසයි.’’ ඔබතුමා නම් ආණ්ඩුවට එකතු වෙනවනේ‘’ ලලිත් වර්ණකුමාර මන්ත්‍රීවරයා පෙරළා උත්තර දුන්නේය. එය සත්‍යයක් බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කීය. එවිට චම්පික රණවක මන්ත්‍රීවරයා අණ්ඩුවට එක්වන රාජිතට සුබ පැතුවේය.
-අරුණ-
